
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතක, ඔවුන්ගේ කුසගින්න නිවීමට සහ සහන සැලසීමට අරලිය සමූහ ව්‍යාපාරය සියලු වාණිජ මෙහෙයුම් පසෙකලා මානුෂීය මෙහෙයුමකට අවතීර්ණ වී සිටියි.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ප්‍රකාශ කළේ, මෙය සුනාමි ව්‍යසනයටත් වඩා දරුණු ලෙස රටේ භූමියෙන් පහෙන් තුනකට පමණ බලපා ඇති බවයි. මහාමාර්ග, පාලම් සහ නිවාස රැසක් විනාශ වී ඇති අතර, සහන කඳවුරු තුළ සිටින ජනතාව සියලු දේ අහිමිව අන්ත අසරණ වී සිටිති.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වගකීම තමන් සහ තම කාර්ය මණ්ඩලය භාර ගන්නා බවට සභාපතිතුමන් විසින් ගරු ජනාධිපතිතුමා වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති අතර, ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට අරලිය ආයතනය සූදානම්ව සිටියි.
සහල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙළඳපොළට නිකුත් කිරීමේ වගකීම පවතින පසුබිමක වුවද, පවතින හදිසි තත්ත්වය සලකා අරලිය සමූහ ව්‍යාපාරය සිය මෙහෙයුම් කටයුතු දින තුනක් තිස්සේ නවතා දමා ඇත. ඒ වෙනුවට මුළු සේවක මණ්ඩලයම අළුයම 4 සිට නොනවත්වා පිසූ ආහාර සහ පානීය ජලය සැපයීමේ කටයුතුවල නිරත වේ.
විපතට පත් ජනතාව වෙනුවෙන් අරලිය ආයතනය විසින් පිරිනමන දෛනික ආහාර වේලෙහි මෙනුව පහත දැක්වේ:
උදෑසන ආහාරය: බත්, පරිප්පු තෙම්පරාදුව, සෝයාමීට් කරිය සහ තම්බන ලද බිත්තර.
දවල් ආහාරය: බත්, චිකන් කරිය, කඩල කරිය සහ ලූණු තෙම්පරාදුව.
රාත්‍රී ආහාරය: කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස්, සොසේජස් ඩෙවල්, චිලි පේස්ට් සහ අල බැදුම.
මෙම මානුෂීය මෙහෙයුම සඳහා පොලොන්නරුව දිසාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන් උපරිම සහයෝගය ලබා දෙයි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, සියලු දෙනා එක්ව මේ මොහොතේ රට යථා තත්ත්වයට පත් කිරීමට අත්වැල් බැඳගත යුතු බව අරලිය සමූහ ව්‍යාපාරය අවධාරණය කරයි.

Leave Your Comment